පාවෙන සූර්ය පැනල බලාගාර නියමු ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය

March 14, 2023

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි චන්ද්‍රිකා වැව සහ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කිරිඉබ්බන්වැවේ මතුපිට අවකාහය මත පාවෙන සූර්ය පැනල පද්ධති බලාගාර ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි චන්ද්‍රිකා වැව සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කිරිඉබ්බන් වැව යන ජලාශයන්හි මතුපිට අවකාශය මත පාවෙන සූර්ය පැනල පද්ධති බලාගාර ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකාව අතර 2009 වර්ෂයේදී අත්සන් කරනු ලැබූ ප්‍රදාන ආධාර පිළිබඳ රාමුගත සම්මුතිය යටතේ කොරියානු ජනරජයේ වෙළෙඳ, කර්මාන්ත හා බලශක්ති අමාත්‍යාංශය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි චන්ද්‍රිකා වැව සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටි කිරිඉබ්බන් වැව යන ජලාශයන්හි මතුපිට මෙගාවොට් 1ක ධාරිතාවකින් යුත් පාවෙන සූර්ය පැනල පද්ධති බලාගාර ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු වොන් බිලියන 6.83ක ප්‍රදානයක් ලබා දීමට කැමැත්ත පළ කර ඇත.

කොරියානු ජනරජය වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය අධීක්ෂණය කිරීමේ ආයතනය ලෙස Korea Institute for Advancement of Technology ආයතනය ක්‍රියා කරනු ලබයි.
ඒ අනුව එළඹ ඇති එකඟතාව පරිදි, මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කොට ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු ජනරජයේ Korea Institute for Advancement of Technology ආයතනය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා සටහනට අත්සන් තැබීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

t

o

p