ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවෙන් ඩොලර් මිලියන 400ක් ලබාදීමට එකඟත්වය පළ කරයි

February 27, 2023

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට පහසුකම් සැළසීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව විසින් කොමර්ෂල්, නේෂන්ස් ට්‍රස්ට් සහ සම්පත් යන බැංකු වෙත වසරක් තුළ ඩොලර් මිලියන 400 ක් ලබාදීමට එකඟත්වය පළ කර තිබේ.

එම මූල්‍ය සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ආහාර, ඖෂධ සහ පොහොර ආනයනය සඳහා අදාළ පහසුකම් ලබාදෙන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට සහායවීම සඳහා පමණක් බවයි.

එමඟින් පෞද්ගලික අංශයට සහයක් හිමිවනු ඇති බව ද එහි දැක්වෙයි.

t

o

p