දකුණු තුර්කියේ මලටියා ප්‍රදේශයට රිච්ටර් මාපක 5.6ක භූ කම්පනයක්

February 27, 2023

දකුණු තුර්කියේ මලටියා ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.6ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව වා‍ර්ථා වෙයි.

ඒ පසුගිය 6 වැනි දා රිච්ටර් මාපක 7.8 ක භූමිකම්පාව හේතුවෙන් එරට වැසියන් 48,000කට ආසන්න මරුමුවට පත් වී ඇති පසුබිමකයි.

රටේ දකුණු ප්‍රදේශයේ රික්ටර් මාපක 5.6 ක ප්‍රබලත්වයක් දක්වමින් සිදු වූ මෙම කම්පනයෙන් තවත් ගොඩනැගිලි ගනනාවක් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භූමිකම්පාව දකුණු තුර්කියේ මලට්‍යා පළාතේ යෙසිලියර්ට් නගරයේ කේන්ද්‍රගතව සිදු වී ඇති බව එරට ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන අතර ජීවිත හානි පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් වාර්ථා වී නැහැ.

t

o

p