පුංචි ඡන්දයේ පුංචි දීමනාවලට පමණක් කෝටි 332ක්

February 27, 2023

මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කාර්ය මණ්ඩල වැටුප්, අතිකාල, ගමන් වියදම් හා දීමනා සඳහා පමණක් රුපියල් කෝටි 332ක වියදම් ඇස්තමේන්තුවක් සකස් කර තිබෙන බව අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර පැවසීය.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාව මේ බව දැනුම් දුන් බව ද සභාපතිවරයා කීවේය.

මෙම ඡන්ද විමසීම සඳහා කොමිෂන් සභාව රුපියල් කෝටි 932ක සමස්ත වියදම් ඇස්තමේන්තුවක් සකස් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

සුබසාධක වියදම්, ගොඩනැගිලි නඩත්තු වියදම්, තැපැල් ගාස්තු, කාර්යාල වියදම්, වැටුප් හා දීමනා වියදම්, නිරීක්ෂණ වියදම් සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍ය වියදම් අනවශ්‍ය ලෙස ඇතුළත් කර තිබෙන බව ද සභාපතිවරයා වැඩිදුරටත් කීවේ ය.

t

o

p