වේගා මෝටර් රථයට බලපත්‍ර හිමිවෙයි

March 3, 2023

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත වේගා මෝටර් රථය සඳහා බලපත්‍රය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අද (03) ලබාදෙන ලදි.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්‍ය් බන්දුල ගුණවර්ධන විසින් මෙරට නිපද වූ පළමු වේගා මෝටර් රථය සඳහා අදාළ වාහන අංක තහඩුව සමග බලපත්‍රය හිමිගන්වනු ලැබුවා.

මෙම වේගා මෝටර් රථයේ විශේෂත්වය වන්නේ එය ලංකාවේ සිටින ඉංජිනේරුවරුන්ගේ සහ මෝටර් රථ යාන්ත්‍රිකයින්ගේ දැනුමෙන් නිපද වූ දේශීය වාහනයක් වීමයි.

t

o

p