“සුනාමියට පෙරහුරුවක් ” අදින් අවසන්

March 3, 2023

“සුනාමියට පෙරහුරුවක් ” සුනාමි ආපදා අවදානම් පාසැල් සදහා සුනාමි ආපදා පෙරසුදාම් පෙරහුරු වැඩසටහන මේ මාර්තු මස 01 දින සිට මාර්තු 03 දින දක්වා දකුණු පළාත තුළ සුනාමි ආපදා අධි අවදානම් පාසැල් මුලික කරගනිමින් ක්‍ අවසන් විය.
එබැවින් මේ දිනවල සුනාමි ආපදා තත්වයක් පිළිබද පුර්ව අවදානම් නිවේදනයක් ඔබ වෙත ලැබුණ හොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් එහි සත්‍ය අසත්‍යතාව විමසන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙයි.

මෙම පෙරහුරු වැඩසටහන යටතේ (02) දින මාතර මහාමායා විද්‍යාලය, සහ ගාල්ල සුදර්මා මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි පෙරහුරු වැඩසටහන් පැවැත්වූ අතර (03) මාතර කඹුරුගමුව ද්විතීක විද්‍යාලය සහ ගාල්ල මාදම්පාගම මධ්‍යවිද්‍යාලය සහ කුමාර කාශ්‍යප යන පාසල් සදහා සුනාම් පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතය.

අද දින පැවති පෙරහුරු වැඩසටහන සදහා නිකුත් කරන ලද සුනාම් අවදානම් පිළිබද පුර්ව දැනුම්දීමේ නිවේදනය එම පුහුණු සැසිය සදහා සහභාගී වු නිළධාරියෙතු විසින් මුහුණු පොතට එක්කර ඇති අතර එය මුහුණු පොත හරහා සංසරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් කළබල නොවන ලෙසත් හුදෙක් මෙය පුහුණු සැසියක් සදහා නිතුක් කරන ලද සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ නිවෙිදනයක් පමණක් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

එසේම එවැනි ආපදා පුර්ව අනතරු ඇගවීමක් පිළබව හෝ යම් අවිශ්වාස පුවතක සත්‍යතාව දැනගැනීම සදහා 117 දුරකථන අංකයෙන් විමසන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

t

o

p