රාජ්‍ය සේවකයන් 50% ඡන්දය ප්‍රකාශ කර අවසන්

ජනාධිපතිවරණය සඳහා වූ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මේ දිනවල සිදු වෙමින් පවතියි. ඒ අනුව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ දෙවන දිනය වූ ඊයේ (05) දිනයේදී රාජ්‍ය සේවකයන් බොහෝ දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වෙයි. මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගෙන් 50%කට අධික ප්‍රමාණයක් තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදයි

එක්සත් ජාතික පක්ෂයේ 78වන සංවත්සරය අදට (06) යෙදී තිබේ. ඒ අනුව සංවත්සර සැමරුම අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. එජාප ආදි කර්තෘවරුන්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව පක්ෂයේ අභිමානවත් ඉතිහාසය සිහිපත් කරමින් චාම් උත්සව සභාවක් පැවැත්වීමට සිරිකොත පක්ෂ මූලස්ථානය කටයුතු යොදා තිබේ.

වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ

කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරුණි. මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල්වලින් එය සමන්විත වෙයි. මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo Read More

අගෝස්තු මාසයේ ICC ක්‍රීඩකයා සම්මානයට වෙල්ලාලගේ නිර්දේශ වෙයි

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ නිර්දේශ වී තිබේ. ඒ, ඉන්දීය සංචාරයේ දී වෙල්ලාලගේ දැක්වූ දක්ෂතා හේතුවෙන්. අදාළ සම්මානය සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස්.

අඩම්පන් අධි රක්ෂිතය විනාශ කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

යාපනයේ ඉලුප්පුකඩුවායි අඩම්පන් අධි රක්ෂිතයට අනවසරෙන් ඇතුලු වී වන විනාශයක් සිදුකරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගන්නා ලදි. විශේෂ කාර්ය බලකායේ ඉලුප්පුකඩුවායි කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණි. ස්වභාවික පරිසරය වනසමින් මොවුන් මෙම වන විනාශය සිදුකර තිබේ. ජෛව විවිධත්වයට ද හානි සිදුකර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. අක්කර Read More

දුප්පත්කම තියා ගන්න නොව නැති කරන හැටි ජනපති රනිල් හෙළි කරයි

විපක්ෂ නායකවරයාගේ ඇතැම් ක්‍රියා නිසා අනුර කුමාර දිසානායක මහතා විපක්ෂ නායකවරයාව පසුකර යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මහියංගනයේ පැවති ජන රැළියට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන පුළුවන් ශ්‍රී ලංකා ජන රැළි මාලාවේ තවත් Read More

ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු ලබාදෙන්නේ මෙහෙමයි

ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ. සේවා ස්ථානයට ආසන්න සේවකයන්ට අවශ්‍ය යැයි හැගෙන්නේ නම් අවම පැය 04 ක කාලයක් වැටුප් රහිතව විශේෂ නිවාඩු ලබාදිය යුතු වෙයි. එමෙන්ම සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 40 ට හෝ ඊට අඩුනම් දින භාගයක Read More

තෙල් මිල වාර්තාගත ලෙස පහලට

පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් වල සීඝ්‍ර වෙනස්වීමක් දකින්නට ලැබෙයි. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ යාමක් ඊයේ (04) පෙන්නුම් කරනු ලදි. එනම් බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 72යි ශත 85ක් ලෙස සටහන් වූ අතර, ඩබිලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 69යි ශත Read More

අද තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඉතාම සාමකාමී – සමන් ශ්‍රී රත්නායක

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (04) උදෑසන ආරම්භ කෙරුණි. ඒ අනුව අද ඊට අවස්ථාව හිමිවූයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, මැතිවරණ කාර්යාලවල රාජ්‍ය සේවකයන්ට සහ පොලිස් නිලධාරීන්ටය. අද පෙරවරු 9ට ඡන්ද සලකුණු කිරීම ආරම්භ කෙරුණි. නොවැළැක්විය හැකි හේතුවක් මත අද (04) තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්දදායකයින්ට සැප්තැම්බර් 11 සහ 12 වනදා Read More

පොල්තෙල් සහ අනෙකුත් තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට

මෙරට හා ආනයනික පොල්තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන්. ශ්‍රී ලංකාවේ පොල්තෙල් කර්මාන්තය ආරක්ෂා කිරීමට මෙන්ම මෙරට නිෂ්පාදිත පොල්තෙල්වල ගුණාත්මකභාවය තහවුරු Read More

t

o

p