අද තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඉතාම සාමකාමී – සමන් ශ්‍රී රත්නායක

September 4, 2024

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අද (04) උදෑසන ආරම්භ කෙරුණි.

ඒ අනුව අද ඊට අවස්ථාව හිමිවූයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, මැතිවරණ කාර්යාලවල රාජ්‍ය සේවකයන්ට සහ පොලිස් නිලධාරීන්ටය.

අද පෙරවරු 9ට ඡන්ද සලකුණු කිරීම ආරම්භ කෙරුණි.

නොවැළැක්විය හැකි හේතුවක් මත අද (04) තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්දදායකයින්ට සැප්තැම්බර් 11 සහ 12 වනදා අතිරේක දින දෙක හිමිවෙයි.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට රාජ්‍ය සේවකයින් 736,589 දෙනෙක් ඉල්ලුම්පත් භාර දී තිබුණි.

ඒ අතරින් ඉල්ලුම්පත් 24,270ක් ප්‍රතික්ෂේප වී ඇති අතර 712,319 දෙනෙකු‍ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටී.

t

o

p