දුප්පත්කම තියා ගන්න නොව නැති කරන හැටි ජනපති රනිල් හෙළි කරයි

September 5, 2024

විපක්ෂ නායකවරයාගේ ඇතැම් ක්‍රියා නිසා අනුර කුමාර දිසානායක මහතා විපක්ෂ නායකවරයාව පසුකර යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මහියංගනයේ පැවති ජන රැළියට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන පුළුවන් ශ්‍රී ලංකා ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් මහියංගනයේ දී අද පැවැත්විය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම , චාමර සම්පත් දසනායක මෙන්ම හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් මෙම ජන රැළියට එක්ව සිටියි.

t

o

p