අඩම්පන් අධි රක්ෂිතය විනාශ කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

September 5, 2024

යාපනයේ ඉලුප්පුකඩුවායි අඩම්පන් අධි රක්ෂිතයට අනවසරෙන් ඇතුලු වී වන විනාශයක් සිදුකරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගන්නා ලදි.

විශේෂ කාර්ය බලකායේ ඉලුප්පුකඩුවායි කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදුකෙරුණි.

ස්වභාවික පරිසරය වනසමින් මොවුන් මෙම වන විනාශය සිදුකර තිබේ.

ජෛව විවිධත්වයට ද හානි සිදුකර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අක්කර 5ක පමණ භූමි ප්‍රදේශයක් ඔවුන් එළිපෙහෙලි කර තිබේ.

අවුරුදු 33 හා 66 යන සීමාවේ පසුවන මෙම සැකකරුවන් කුඹුක්වැව හා කිලිනොච්චි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි විමර්ෂණවලදී හෙළිවිය.

t

o

p