වරාය නගරයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ

September 6, 2024

කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊයේ (05) පස්වරුවේ විවෘත කෙරුණි.

මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල්වලින් එය සමන්විත වෙයි.

මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර ඒ සමග කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, IMF සහ මෙරට විදෙස් ණයහිමියන් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුම් සංශෝධනය කිරීමට ගියහොත් ඉදිරිය ගැන බලාපොරොත්තු තබාගත නොහැකි බවය.

ආරම්භ කළ වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙනගිය හොත් රටට යහපත් අනාගතයක් උදාවෙන බවද ජනපතිවරයා පැවසීය.

t

o

p