විදෙස් සංචිත ඩොලර් මිලියන 5954ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 5954ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය ජූලි මාසයේ නිල සංචිත වත්කම් හා සැසඳීමේදී සියයට 5.3ක කැපී පෙනෙන වර්ධනයක්. ජූලි මස මෙරට තිබු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 5652ක්. මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද ඇමෙරිකානු Read More

නෙත්මි අහිංසාට ලෝකඩ පදක්කමක්

ස්පාඤ්ඤයේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතා මල්ලව පොරා තරගාවලියේ කාන්තා ක්‍රිලෝග්‍රෑම් 53 බර පන්තයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට අහිංසා ප්‍රනාන්දු සමත් විය. එහිදී ඇය හමුවේ පරාජයට පත් වූයේ, රුසියානු ජාතික ක්‍රීඩිකාවයි.විනාඩි අටක කාලයක් තරග කළ නෙත්මි අහිංසා තරග වට තුනට එකක් ලෙස ජයගත්තා. මෙම තරගාවලියේ දී කසකස්ථාන, බල්ගේරියානු සහ හංගේරියානු ක්‍රීඩිකාවන් ඇය හමුවේ පරාජයට Read More

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) Read More

”රනිල්ව කියවන්න” ප්‍රචාරක වැඩසටහන ඇරඹෙයි

ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කරමින් රනිල් කියවන්න නැමැති ප්‍රචාරක වැඩසටහන අද ආරම්භ කෙරුණි. දිවයිනේ සෑම ගමක්ම ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරය ඇතුලත් පත්‍රිකා බෙදා හරිමින් ජනතාව දැනුවත් කිරීම මෙහිදි සිදුවෙයි. වැඩසටහන ආරම්භ කෙරුණේ ගාලුමුවදොර පිටිය අසලින්. පාර්ලිමේන්තු Read More

ඕස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

ඕස්ට්‍රේලියාවේ, මස්ලිබෲක් නගරයේ භූ කම්පනයක් සිදුව තිබේ.එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 4.5 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මස්ලිබෲක් නගරයේ හා ඒ අවට ප්‍රදේශවල විදුලිය ද විසන්ධි වී තිබේ.භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 05ක් ගැඹුරින් සිදු වී ඇති අතර සිඩ්නි නගරයේ ජනතාවට ද එය දැනී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

කොරියානු විභාග ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

කොරියානු භාෂා පරීක්ෂණයට (9-1 Point System Examination) අදාළ ප්‍රතිඵල ලබන 9 වැනි දින නිකුත් කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදාළ ප්‍රතිඵල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියට පිවිස බලා ගැනීමට හැකියාව පවතින බව එහි සඳහන්. නිපුණතා පරීක්ෂණය මේ මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා Read More

රේගුවෙන් බිලියන 1000ක ආදායමක්

මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1000ක ආදායමක් උපයා ගැනීමට රේගුව සමත්වී තිබේ. එය මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළ ආදායම බවයි, රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා ප්‍රකාශ කළේ. 2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534ක්. කෙසේ වෙතත් මේ වසරේ මාස Read More

වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබා දෙනවා

වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබාදීම තම අරමුණ බවත් එම කටයුතු වෙනුවෙන් ආයුර්වේදය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. පස් වසරක සැලැස්මක් තුළින් අයුර්වේද සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය සඳහා පියවර ගන්නා බව පැවසු ජනාධිපතිවරයා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ද අයුර්වේද ක්‍රමය උපරිමයෙන් යොදා ගැනීමට පියවර Read More

රොනල්ඩෝගෙන් ඉතිහාසගත වාර්තාවක්

පාපන්දු ඉතිහාසයේ ගෝල 900ක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට ඉතිහාසගත වීමට සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වී තිබෙයි. ඒ යුරෝපා නේෂන්ස් කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රොඒෂියාව සමඟ පැවැති තරගයේදී රොනාල්ඩෝ රැස්කළ සුපිරි ගෝලයත් සමගයි. ඔහු මෙහිදී සිය ස්වර්ණමය 900 වැනි ගෝලය රැස්කර ගැනිමෙන් අනතුරුව රොනාල්ඩෝ වඩාත් සංවේදී වී තිබුණි.

ඇමරිකාව විසින් ලංකාවට බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ගුවන් යානවක්

ඇමරිකාව විසින් ලංකාවේ ගුවන් හමුදාව වෙත ගුවන් යානයක් පරිත්‍යාග කර තිබේ. එම ගුවන යානය හෙට (8) සිට ගුවන් හමුදාව සමඟ එකතු වීමට නියමිත බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කර සිටියි. මෙම ගුවන් යානය ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ඊ.ආර්. වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් බවයි සඳහන් වෙයි.

t

o

p