කොරියානු විභාග ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

September 7, 2024

කොරියානු භාෂා පරීක්ෂණයට (9-1 Point System Examination) අදාළ ප්‍රතිඵල ලබන 9 වැනි දින නිකුත් කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ ප්‍රතිඵල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවියට පිවිස බලා ගැනීමට හැකියාව පවතින බව එහි සඳහන්.

නිපුණතා පරීක්ෂණය මේ මස 18 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙයි.

කුසලතා පරීක්ෂණය ලබන මස (ඔක්තෝබර්) 03 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන බව එහි සඳහන්.

t

o

p