රේගුවෙන් බිලියන 1000ක ආදායමක්

September 7, 2024

මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1000ක ආදායමක් උපයා ගැනීමට රේගුව සමත්වී තිබේ.

එය මාස 08ක කාලය තුළ රේගු ඉතිහාසයේ වාර්තා කළ ඉහළ ආදායම බවයි, රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා ප්‍රකාශ කළේ.

2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534ක්.

කෙසේ වෙතත් මේ වසරේ මාස 08ක් අවසන් වන විට බිලියන 1000ක ආදායම් ඉලක්ක ළගා කර ඇති හෙයින් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළගා විය හැකි බවයි අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

මීට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාව හිමිකරගත්තේ පසුගිය 2023 වර්ෂයේදීයි. එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක් වෙයි.

t

o

p