වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබා දෙනවා

September 7, 2024

වෛද්‍ය විද්‍යාවක් ලෙස ආයුර්වේද විද්‍යාවට පිළිගැනීමක් ලබාදීම තම අරමුණ බවත් එම කටයුතු වෙනුවෙන් ආයුර්වේදය පිළිබඳ ජාතික සභාවක් පිහිටුවීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පස් වසරක සැලැස්මක් තුළින් අයුර්වේද සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමයේ උන්නතිය සඳහා පියවර ගන්නා බව පැවසු ජනාධිපතිවරයා මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ද අයුර්වේද ක්‍රමය උපරිමයෙන් යොදා ගැනීමට පියවර ගන්නා බවයි ප්‍රකාශ කර සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේබත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති දේශීය වෛද්‍ය සමුළුව අමතමින්.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් පාරම්පරික, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති වෛද්‍යවරුන් දේශීය ඖෂධ නිෂ්පාදකයන්, අපනයනකරුවන්, කර්මාන්තකරුවන්, වෙළෙඳසැල් හිමියන් ඇතුළු දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ එකමුතුවෙනුයි මෙම සමුළුව සංවිධානය කර තිබුණි.

t

o

p