”රනිල්ව කියවන්න” ප්‍රචාරක වැඩසටහන ඇරඹෙයි

September 7, 2024

ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කරමින් රනිල් කියවන්න නැමැති ප්‍රචාරක වැඩසටහන අද ආරම්භ කෙරුණි.

දිවයිනේ සෑම ගමක්ම ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරය ඇතුලත් පත්‍රිකා බෙදා හරිමින් ජනතාව දැනුවත් කිරීම මෙහිදි සිදුවෙයි.

වැඩසටහන ආරම්භ කෙරුණේ ගාලුමුවදොර පිටිය අසලින්. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුලු පිරිසක් එක්විය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ලබන 21 වනදා ඡන්ද පොළට යා යුත්තේ කෘතවේදීත්වය පළ කරන ඡන්දයක් ප්‍රකාශ කිරීම සදහා බවයි.

t

o

p