නෙත්මි අහිංසාට ලෝකඩ පදක්කමක්

September 8, 2024

ස්පාඤ්ඤයේ පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතා මල්ලව පොරා තරගාවලියේ කාන්තා ක්‍රිලෝග්‍රෑම් 53 බර පන්තයේ ලෝකඩ පදක්කම දිනාගැනීමට අහිංසා ප්‍රනාන්දු සමත් විය.

එහිදී ඇය හමුවේ පරාජයට පත් වූයේ, රුසියානු ජාතික ක්‍රීඩිකාවයි.විනාඩි අටක කාලයක් තරග කළ නෙත්මි අහිංසා තරග වට තුනට එකක් ලෙස ජයගත්තා.

මෙම තරගාවලියේ දී කසකස්ථාන, බල්ගේරියානු සහ හංගේරියානු ක්‍රීඩිකාවන් ඇය හමුවේ පරාජයට පත්වීමත් විශේෂත්වයක්.

මෙරට මල්ලව පොර ඉතිහාසයේ ශ්‍රී ලාංකීක ක්‍රීඩිකාවක් ලද ඉහළම ජයග්‍රහණය මෙයවීමත් විශේෂත්වයක්.

t

o

p