විදෙස් සංචිත ඩොලර් මිලියන 5954ක් දක්වා ඉහළට

September 8, 2024

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 5954ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එය ජූලි මාසයේ නිල සංචිත වත්කම් හා සැසඳීමේදී සියයට 5.3ක කැපී පෙනෙන වර්ධනයක්. ජූලි මස මෙරට තිබු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 5652ක්.

මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් පමණ වන විදේශ විනිමය හුවමාරු පහසුකම් ද අන්තර්ගත බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 5577 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 5912ක් දක්වා සියයට 6කින්ද වර්ධනය වී තිබේ.

t

o

p