හොර පාරෙන් ගෙන්වන මෝටර් රථ ලියාපදිංචියට දූෂණ මර්දනය RMV නිලධාරීන් 5ක් පසුපස

බදු මුදල් මෙරටට අහිමි කරමින් හොර පාරෙන් ගෙන්වන මෝටර් රථ පැරණි හා අබලි වාහන අංකවලට ලියාපදිංචි කරමින් සිදු කරනු ලබන සංවිධානාත්මක ජාවාරමකට සම්බන්ධව සිටින බවට සැක කරන මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත නිලධාරීන් 5 දෙනකු සම්බන්ධයෙන් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් රහස් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ව්‍යාජ ලේඛන යොදා සුඛෝපභෝගි Read More

දින 06 ක් තුළ ජාතික පද්ධතියෙන් දකුණු පළාතට විදුලිය

ජාතික පද්ධතියෙන් දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණ කිරීමේ පද්ධතියේ ඉදිකිරීම් අද (12) ඇරඹෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි. ඒ අනුව දින 6 ක් තුළ එම ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවයි ඔහු පැවසුවේ. සම්ප්‍රේෂණ රැහැන් රැගෙන යාමට මෙතෙක් කලක් අවසර ලබා නොදුන් අදාළ ඉඩම් හිමියන් ඊයේ ඊට සිය එකඟතාව පළ කිරීමත් සමඟ මෙම කටයුතු Read More

අමෙරිකාවෙන් කෝටි 429ක පිළිකා ඔසු තිළිණයක්

‍මෙරට සෞඛ්‍ය පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමට රුපියල් කෝටි 429ක (ඩොලර් මිලියන 12.8) පිළිකා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට අමෙරිකා එක්සත් ජනපදයේ Heart to Heart International සංවිධානය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ දැනට පවතින පිළිකා ඖෂධ හිඟයට පිළිතුරක් වශයෙන්, හදිසි ඖෂධ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පරිත්‍යාග කරන ලෙස අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා Read More

අධික වටිනාකමකින් යුත් විදෙස් සිගරට් තොගයක් විනාශ කරයි

රුපියල් මිලියන 748 කට අධික වටිනාකමකින් යුත් ජාවාරම් කරන ලද ව්‍යාජ දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් විනාශ කර තිබේ. ඒ ඊයේ කොටහේන ලංකා දුම්කොළ සමාගම් (CTC) පරිශ්‍රයේදීයි. ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද දුම්වැටි තොගය රැගෙන යමින් තිබූ අඩි 40 ක කන්ටේනරයක් රේගු ආදායම් කාර්ය සාධක බලකායේ (RTF) නිලධාරීන් විසින් 2022 ජුනි 22 Read More

බරපතළ අනතුරක් සිදුවූ මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගය මරු කපොල්ලක්

කන්ටේනර් රථයක් දුම්රියක ගැටී බරපතළ අනතුරක් සිදුවූ මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගය මරුකපොල්ලක් බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසියේ උසස් නිලධාරියෙක් පවසා සිටියි. වංගු සහිත වූ මෙම දුම්රිය හරස් මාර්ගය කෙලින් කර සංවර්ධනය කිරීම සඳහා දුම්රිය බලධාරින් ඉඩකඩ ලබා නොදීම නිසා එය මේ වනවිට මරුකපොල්ලක් බවට පත්වී තිබෙන බවද එම නිලධාරින් වැඩදුරටත් කීය. අඩි 40 Read More

චීන යුද නෞකාවක් කොළඹට

මහජන චීන සමූහාන්ඩුවට අයත් ‘HAI YANG 24 HAO’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (10) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ. මෙම ‘HAI YANG 24 HAO’ නෞකාව, දිගින් මීටර් 129ක් සහ නැව් මුළුව 138ක ගෙන් සමන්විතයි. නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කමාණ්ඩර් Jin Xin කටයුතු කරනු ලබන අතර, මෙම යුද නෞකාව 2023 අගෝස්තු මස 12 වනදා Read More

වාහන 400ක් හොරට ලියාපදිංචි කරලා

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ සේවයේ නිරතව සිටින ලිපිකරුවකු සතුව තිබී කොටස් එකලස් කර නීති විරෝධි ආකාරයට ලියාපදිංචි කර ඇතැයි සැක කරනු ලබන සුඛෝපභෝගි මොන්ටේරෝ ජීප් රථයක් පාණදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගනු ලැබීය. මේ මෝටර් රථය සොයාගෙන ඇත්තේ නීති විරෝධි ලෙස මෙරටට හොර රහසේ රැගෙන විත් ඇති Read More

දේශපාලන හා ආර්ථික අර්බුද මධ්‍යයේ පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

දේශපාලන හා ආර්ථික අර්බුද මධ්‍යයේ ජාතික මැතිවරණයකට වේදිකාව සකසමින්,පාකිස්තාන අගමැති ෂෙබාස් ශරීෆ්ගේ උපදෙස් අනුව එරට ජනාධිපති අරිෆ් අල්වි විසින් බදාදා(09) රාත්‍රියේ පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. එලෙස පාර්ලිමේන්තු විසුරුවා හැර ඇත්තේ, අගෝස්තු 12 දිනෙන් අවසන් වන පාර්ලිමේන්තුවේ පස් අවුරුදු ධූර කාලයට දින තුනක කාලයක් ඉතිරිව තිබිය දීය. ඒ අනුව දින 90ක් තුළ මැතිවරණය පැවැත්විය යුතුය. Read More

පිරමීඩ ගැන මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නීති විරෝධී පිරමීඩ ක්‍රම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ දැනුම්දීමක් කර ඇත. මහජනතාව එවැනි පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් එම පිරමීඩ යෝජනා ක්‍රම වලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවීම නීතිය ඉදිරියේ දඩුවම් ලැබිය හැකි වරදක් බවද මහ බැංකුව සදහන් කරයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට තහනමක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසකට කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව උද්ඝෝෂකයින්ට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අගමැති කාර්යාලයට, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු විතානගේ මධුෂාන් චන්ද්‍රජිත් Read More

t

o

p