දේශපාලන හා ආර්ථික අර්බුද මධ්‍යයේ පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

August 10, 2023

දේශපාලන හා ආර්ථික අර්බුද මධ්‍යයේ ජාතික මැතිවරණයකට වේදිකාව සකසමින්,පාකිස්තාන අගමැති ෂෙබාස් ශරීෆ්ගේ උපදෙස් අනුව එරට ජනාධිපති අරිෆ් අල්වි විසින් බදාදා(09) රාත්‍රියේ පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත.

එලෙස පාර්ලිමේන්තු විසුරුවා හැර ඇත්තේ, අගෝස්තු 12 දිනෙන් අවසන් වන පාර්ලිමේන්තුවේ පස් අවුරුදු ධූර කාලයට දින තුනක කාලයක් ඉතිරිව තිබිය දීය.

ඒ අනුව දින 90ක් තුළ මැතිවරණය පැවැත්විය යුතුය.

මේ අනුව මැතිවරණය පවත්වා නව රජයක් පිහිටුවන තෙක් භාරකාර රජයක් පිහිටුවීමට නියමිතය.

t

o

p