බරපතළ අනතුරක් සිදුවූ මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගය මරු කපොල්ලක්

August 11, 2023

කන්ටේනර් රථයක් දුම්රියක ගැටී බරපතළ අනතුරක් සිදුවූ මීරිගම විල්වත්ත දුම්රිය හරස් මාර්ගය මරුකපොල්ලක් බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසියේ උසස් නිලධාරියෙක් පවසා සිටියි.

වංගු සහිත වූ මෙම දුම්රිය හරස් මාර්ගය කෙලින් කර සංවර්ධනය කිරීම සඳහා දුම්රිය බලධාරින් ඉඩකඩ ලබා නොදීම නිසා එය මේ වනවිට මරුකපොල්ලක් බවට පත්වී තිබෙන බවද එම නිලධාරින් වැඩදුරටත් කීය.

අඩි 40 කන්ටේනර් රථ ඉන්ධන රැගත් බවුසර් රථ මෙම මරුකපොල්ලක් බවට පත්ව තිබෙන දුම්රිය හරස්මාර්ගය හරහා ධාවනය කරනු ලබන්නේ ඉතාම අසීරු ආකාරයටය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන විල්වත්ත දුම්රිය හරස්මාරගය සංවර්ධනය කර වාහන ධාවනයට පහසුව සලසා දීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මීට වඩා බරපතළ හානි සිදුවීමට ඉඩ තිබෙන බව පොලිසිය පවසයි.

t

o

p