අධික වටිනාකමකින් යුත් විදෙස් සිගරට් තොගයක් විනාශ කරයි

August 11, 2023

රුපියල් මිලියන 748 කට අධික වටිනාකමකින් යුත් ජාවාරම් කරන ලද ව්‍යාජ දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් විනාශ කර තිබේ.

ඒ ඊයේ කොටහේන ලංකා දුම්කොළ සමාගම් (CTC) පරිශ්‍රයේදීයි.

ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද දුම්වැටි තොගය රැගෙන යමින් තිබූ අඩි 40 ක කන්ටේනරයක් රේගු ආදායම් කාර්ය සාධක බලකායේ (RTF) නිලධාරීන් විසින් 2022 ජුනි 22 වන දින අත්අඩංගුවට ගන්නාලදි.

ව්‍යාජ ලියකියවිලි යටතේ රාගම ප්‍රදේශයේ තොගකරුවෙකු වෙත මෙම තොගය යවා ඇති අතර එහි විදේශීය වෙළඳනාමයක් වන ‘Matador’ වර්ගයේ දුම්වැටි 9,940,000 ක් හමු වී තිබේ.

එම තොගය හඳුනා නොගත්තේ නම් ශ්‍රී ලංකා රජයට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 695ක් ලෙසයි ගණන් බලා ඇත්තේ.

t

o

p