හොර පාරෙන් ගෙන්වන මෝටර් රථ ලියාපදිංචියට දූෂණ මර්දනය RMV නිලධාරීන් 5ක් පසුපස

August 12, 2023

බදු මුදල් මෙරටට අහිමි කරමින් හොර පාරෙන් ගෙන්වන මෝටර් රථ පැරණි හා අබලි වාහන අංකවලට ලියාපදිංචි කරමින් සිදු කරනු ලබන සංවිධානාත්මක ජාවාරමකට සම්බන්ධව සිටින බවට සැක කරන මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත නිලධාරීන් 5 දෙනකු සම්බන්ධයෙන් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් රහස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ව්‍යාජ ලේඛන යොදා සුඛෝපභෝගි මෝටර් රථ ලියාපදිංචි කිරීමේ ජාලයේ මහ මොළකරුවකු වන ඔහු සතුව තිබී එසේ ලියාපදිංචි කළ වාහන 430ක ලැයිස්තුවක්ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් සොයාගෙන ඇත.

මේ ජාවාරම ගැන තොරතුරු හෙළි වී ඇත්තේ කඩවත පහල කරගහමුදුන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ජයවර්ධන පතිරණගේ ආරියරත්න නමැති පුද්ගලයා ව්‍යාජ ලේඛන මත ලියාපදිංචි කළ ජීප් රථයක්ද සමඟ පසුගිය ජූනි 13 දා අත්අඩංගුවට ගෙන කළ විමර්ශනයේදීය.

ගයාන් කුමාර

t

o

p