දින 06 ක් තුළ ජාතික පද්ධතියෙන් දකුණු පළාතට විදුලිය

August 12, 2023

ජාතික පද්ධතියෙන් දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණ කිරීමේ පද්ධතියේ ඉදිකිරීම් අද (12) ඇරඹෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

ඒ අනුව දින 6 ක් තුළ එම ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවයි ඔහු පැවසුවේ.

සම්ප්‍රේෂණ රැහැන් රැගෙන යාමට මෙතෙක් කලක් අවසර ලබා නොදුන් අදාළ ඉඩම් හිමියන් ඊයේ ඊට සිය එකඟතාව පළ කිරීමත් සමඟ මෙම කටයුතු ආරම්භ කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජිත සැලැස්මට අනුව අදාල විදුලි රැහැන මෙම පුද්ගලික ඉඩම හරහා ඉදිකිරීමටයි එකඟතාව පළ වි ඇත.

t

o

p