මත්ද්‍රව්‍ය සිද්ධි හේතුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවූවන් පුනරුත්ථාපනයට බස්නාහිර හා දකුණ පළාත්වල අලුතින් පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට රජය පියවර ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමැති අනුරාධ හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවසීය.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාට දැනුම් දී ඇති බවත්, මත්ද්‍රව්‍ය සම්බන්ධ සිද්ධිලට අදාළ රැඳවූවන්ට වෙනම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමෙන් බන්ධනාගාරවල තදබදය අවම කළ හැකි බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.