අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට තහනමක්

August 10, 2023

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසකට කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව උද්ඝෝෂකයින්ට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අගමැති කාර්යාලයට, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම නියෝගය නිකුත් කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු විතානගේ මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කර ඇත. අධිකරණ නියෝග කඩ කරමින් කටයුතු කරන උද්ඝෝෂකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

t

o

p