Local News

සුපිරි වෙළෙඳසැලෙනුත් කොරෝනා මතුවෙයි

රජයේ සුපිරි වෙළෙඳසැළක රෝගීන් දෙදෙනකු ද පෞද්ගලික සුපිරි වෙළෙඳසැළක රෝගීන්  8 දෙනෙකු ද වාර්තා වී තිබේ. එම සුපිරි වෙළෙඳසැළ් 2 වසාදමා ඇති අතර වාර්තා වූ රෝගීන් 97 දෙනාට සම්බන්ධ ආශ්‍රිතයින් 300 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය. මෙම ආශ්‍රිතයින් ලබන අඟහරුවාදා  PCR පරීක්ෂණ සඳහා Read More

මෙරට කොරෝනා ආසාදිතයෝ ලක්ෂය ඉක්මවයි

කොවිඩ් -19 වයිරස ආසාදිතයින් 826 දෙනෙකු ගත වූ පැය 24 තුල හඳුනාගෙන ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව ලක්ෂයේ සීමාව පසුකර ඇති අතර ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිත සංඛ්‍යාව 100,517කි.

රිෂාඩ් සහ රියාඩ් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. රිෂාඩ් බදියුඩීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවත ඔහුගේ නිවසේදී Read More

කොරෝනා නීති කැඩුවොත් දැඩි දඬුවම්

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කෝවිඩ් පොකුරු සහ අනු පොකුරු වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම කියා සිටියේය. පුද්ගලයන් අතර ගැවසීමේ දී සහ පොදු ප්‍රවාහන සේවයේදී මුඛ ආවරණ පැළඳීම ,සමාජ දුරස්තභාවය පවත්වා ගෙන යාම අනිවාර්ය බවත් එසේ Read More

කුරුණෑගල, ගනේවත්ත දුම්රිය නොනවත්වයි

කුරුණෑගල, ගනේවත්ත දුම්රිය ස්ථානයේ අද සිට කිසිදු දුම්රියක් නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොරෝනා ව්‍යාප්තිය හමුවේ ගනේවත්ත අවට ගම්මාන 5 ක් හුදෙකලා කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

වන අලියකු හානි කළ ආරණ්‍ය සේනාසනයට අහිංසා ශ්‍රී ලංකා සංචාරයක්!

වයඹ පලාතේ අති දුෂ්කර ගම්මානයක් වන ගිරිබාව,කොක්මඩුවේ,අධිකාරීගම ගල්ලෙන් පොකුණ ආරණ්‍යයට පසුගිය මාර්තු 16 දා අළුයම 1.30ට පමණ කඩා වැදුණු වන අලියෙකු එම ආරණ්‍යයේ මැටි බිත්ති සහිත දාන ශාලාවට හානි කරමින් කඩා වැදී එහි තිබූ සීනි, කෙසෙල් ගෙඩි සහ විස්කෝතු සියල්ල කා දමා පිඟන් බඩු පෙට්ටිය ද බිඳ දමා යාමේ සිද්ධියක් මුල් කොට එම ආරණ්‍ය සේනාසනය Read More

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැමරුම කොච්චිකඩේ පල්ලියේ

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැමරුම කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරේ දී අද(21) පෙරවරු 8.45ට කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වේ. 8.45ට එම සැමරුම සිදු කෙරෙන්නේ එම දේවස්ථානයට ප්‍රහාරය එල්ල වූයේ එම වෙලාවේ හෙයින් ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන් සිහි කිරීම සඳහා සීනුව නාද කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. ඉන් පසුව ඉටි Read More

තරුණ ප්‍රජාව අතර කොවිඩ් පැතිරීම ඉහළට

මේ වනවිට දැඩි සත්කාර ඒකක වෙත කොවිඩ් රෝගීන් ඇතුළු කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු හඟවා ඇත. එසේම මීට පෙර වාර්තා නොවූ ආකාරයට තරුණ ප්‍රජාව අතර රෝගය ව්‍යාප්ත වන බවද අනාවරණය වී ඇත. කොවිඩ් – 19 වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල Read More

කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ආශ්‍රිතව අද(21) මධ්‍යහ්න 12.00 දක්වා, විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි. ඒ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය හේතුවෙනි. එම කාලය තුළ ශාන්ත අන්තෝනි මාවතේ ජින්තුපිටිය වටරවුමේ සිට කොච්චිකඩේ දේවස්ථානය දෙසට වාහන ඇතුළුවීම හා පිටවීම සීමාවනු ඇති. පොලීසිය දැනුම් දෙන්නේ, එම මාර්ග භාවිත කරන රියැදුරන් හා මහජනතාව ඒ සඳහා Read More

මොහාන් සමරනායක රජයේ ප්‍රවෘති අධ්‍යක්ෂ ජනරාල් ලෙස වැඩභාර ගනියි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ අද (19) වැඩ භාරගෙන තිබේ. සමරනායක මහතා මීට පෙර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙහි කටයුතු කරන ලදි. “දවස“ පුවත්පතෙහි උප-කර්තෘවරයෙකු ලෙස ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථායේ සභාපතිධූරය වැනි රාජ්‍ය ආයතන රැසක ඉහළ ධුරයන් හොබවා ඇත. මොහාන් සමරනායක මහතා එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ Read More

t

o

p