මොහාන් සමරනායක රජයේ ප්‍රවෘති අධ්‍යක්ෂ ජනරාල් ලෙස වැඩභාර ගනියි

April 20, 2021

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ අද (19) වැඩ භාරගෙන තිබේ.

සමරනායක මහතා මීට පෙර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙහි කටයුතු කරන ලදි.

“දවස“ පුවත්පතෙහි උප-කර්තෘවරයෙකු ලෙස ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථායේ සභාපතිධූරය වැනි රාජ්‍ය ආයතන රැසක ඉහළ ධුරයන් හොබවා ඇත.

මොහාන් සමරනායක මහතා එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙසද දිගුකලක් සේවය කර ඇත.

t

o

p