පාස්කු ප්‍රහාරයට වසර දෙකක් ගතවන දින දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

April 19, 2021

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2ක් ගතවන මෙම මස 21 වනදා පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂාව ලබා දෙන ලෙස පොලිස්පතිවරයා නියෝගකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මූලස්ථානය නිකුත් කළ නියෝගය සහිත එම නිවේදනය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත නිතුක්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

ඒ අනුව, විශේෂ දේවමෙහෙයන් පැවැත්වෙන දේවස්ථානවල පියතුමන්ලා, පූජකතුමන්ලා සහ ආගමික නායකයින් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා කර එම වැඩසටහන් සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි උපරිම ආක්ෂාවක් සලසන ලෙස පොලිස් මූලස්ථානය විසින් සියලුම ප්‍රාදේශිය අධීක්ෂණ නිලධාරීන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී තිබේ.   

විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් ස්ථානාධිපතිවරුන් සපයනු ලබන ආරක්ෂාව ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සෘජු අධික්ෂණයට ලක්කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

t

o

p