කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක්

April 21, 2021

කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ආශ්‍රිතව අද(21) මධ්‍යහ්න 12.00 දක්වා, විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි.

ඒ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙය හේතුවෙනි.

එම කාලය තුළ ශාන්ත අන්තෝනි මාවතේ ජින්තුපිටිය වටරවුමේ සිට කොච්චිකඩේ දේවස්ථානය දෙසට වාහන ඇතුළුවීම හා පිටවීම සීමාවනු ඇති.

පොලීසිය දැනුම් දෙන්නේ, එම මාර්ග භාවිත කරන රියැදුරන් හා මහජනතාව ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.

t

o

p