තරුණ ප්‍රජාව අතර කොවිඩ් පැතිරීම ඉහළට

April 21, 2021

මේ වනවිට දැඩි සත්කාර ඒකක වෙත කොවිඩ් රෝගීන් ඇතුළු කිරීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු හඟවා ඇත.

එසේම මීට පෙර වාර්තා නොවූ ආකාරයට තරුණ ප්‍රජාව අතර රෝගය ව්‍යාප්ත වන බවද අනාවරණය වී ඇත.

කොවිඩ් – 19 වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී තිබේ.

t

o

p