පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැමරුම කොච්චිකඩේ පල්ලියේ

April 21, 2021

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැමරුම කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරේ දී අද(21) පෙරවරු 8.45ට කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත වේ.

8.45ට එම සැමරුම සිදු කෙරෙන්නේ එම දේවස්ථානයට ප්‍රහාරය එල්ල වූයේ එම වෙලාවේ හෙයින් ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන් සිහි කිරීම සඳහා සීනුව නාද කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. ඉන් පසුව ඉටි පහන් දල්වා දිවි පිදුවන් සිහි කෙරේ.

මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී බෝම්බ ප්‍රහාරයෙන් දිවි පිදුවන් භූමදානය කර ඇති කටුවාපිටිය සුසාන භූමියේ ඉදි කරන ලද කුඩා දෙව් මැදුර ද අද පෙරවරුවේ විවෘත කෙරේ.

t

o

p