කොරෝනා නීති කැඩුවොත් දැඩි දඬුවම්

April 24, 2021

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කෝවිඩ් පොකුරු සහ අනු පොකුරු වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවද හෙතෙම කියා සිටියේය.

පුද්ගලයන් අතර ගැවසීමේ දී සහ පොදු ප්‍රවාහන සේවයේදී මුඛ ආවරණ පැළඳීම ,සමාජ දුරස්තභාවය පවත්වා ගෙන යාම අනිවාර්ය බවත් එසේ නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩි නීතිමය පියවර ගන්නා බව ද හෙතෙම කීය.

t

o

p