ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ගේ ආහාර වැඩසටහන සඳහා වැය වන මුදල රුපියල් බිලියන 26ක් – ඇමති සුසිල් ප්‍රේමජයන්ත

May 12, 2024

මෙරට ප්‍රාථමික ශ්‍රේණිවල සියලු‍ සිසුන් ආවරණය වන පරිදි දරුවන් ලක්ෂ 17ක් සඳහා රුපියල් බිලියන 26ක් වැය කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

එමෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ පාසල් දිවා ආහාර වැඩසටහන අඛණ්ඩව වර්ධනය කර පවත්වාගෙන යන පසුබිමක සමහර පුද්ගලයන් දේශපාලන වේදිකාවල සිට ජනප්‍රිය ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි.

රටේ සියලු‍ ම පාසල් දරුවන්ට දිවා ආහාරය දෙන බව පවසන දේශපාලනඥයන් ඒ පිළිබඳ සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් ප්‍රායෝගිකව සිදු කර බලා මෙම ප්‍රකාශ සිදු කළ යුතුව ඇතැයි ද ඒ මහතා මෙහිදී පවසා සිටියි.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජර්මන් ටෙක් ආයතනයේ සිසුන් වෙනුවෙන් අත්තිඩියේ ඉදි කළ නව සය මහල් නේවාසිකාගාර සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ, මීට වසර දෙකකට පෙර තිබූ තත්ත්වය ඉතා කෙටි කලක දී හාත්පසින් ම වෙනස් කර රට තුළ සාධනීය වාතාවරණයක් නිර්මාණය කළ බවයි.

t

o

p