රිෂාඩ් සහ රියාඩ් අත්අඩංගුවට

April 24, 2021

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා පැවැත්වීම යන චෝදන යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

රිෂාඩ් බදියුඩීන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ බෞද්ධාලෝක මාවත ඔහුගේ නිවසේදී බවත් රියාඩ් බදියුඩීන් අය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේදී බව මාධ්‍ය ප්‍රකාශකවරයා වඩිදුරටත් කියා සිටියේය.

ත්‍රස්තවාදී පනත ප්‍රතිපාදන අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

t

o

p