Local News

අඩු ආදායම්ලාභි පවුල් තුළ මන්ද පෝෂණ අවදානමක්

රට තුළ උද්ධමනය ඉහළයාම හේතුවෙන් අඩු ආදායම්ලාභි පවුල් තුළ දැඩි ආහාර ගැටලුවකට මුහුණදීමට සිදුවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ එම පවුල්වල මන්ද පෝෂණ තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් ද පවතින බවය.

දුම්රිය නියාමකවරුන්ට කොරෝනා ; දුම්රිය ගමන්වාර 14 ක් අවලංගුයි

දුම්රිය නියාමකවරුන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාධනය විම හේතුවෙන් මාර්ග කිහිපයක දුම්රිය ගමන්වාර 14 ක් අද දිනයේදී අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06 ක්, මුහුදු බඩ මාර්ගයේ 02 ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 02 ක්, පුත්තලම මාර්ගයේ දුම්රිය 03 ක් සහ උතුරු මාර්ගයේ කුරුණෑගල දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු කළ Read More

කොරෝනා සෑදී පාසල් ශිෂ්‍යාවක් මරුට

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියකි. තබ්බෝව පදිංචිකාරියක වූ ඇය කොරෝනා කොරෝනා ආසාදිතව මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගියාය. පසුගිය 28 වැනි දා පාසල් ගොස් නිවසට පැමිණි ඇය රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර රෝහලේ දී කරන ලද පරීක්ෂණයකින් ඇය කොරෝනා ආසාදිත බව Read More

පාසල් කාලයේ සිට ම ක්‍රීඩකයන්ගේ විනය හදන්න අවශ්‍යයි

පාසල් පද්ධතියේ සිට ම ක්‍රීඩකයන්ගේ විනය හදන්න අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. “ක්‍රීඩකයාගේ විනය ගැන කතාකරන විට එය ක්‍රීඩා කරන අවස්ථාවේදී, පුහුණුවීම් කරන අවස්ථාවේදි සහ ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළත් ඒ කැපකිරිම, විනය කියන කාරණය අපි ආරක්ෂා කරගත යුතුයි. එය සෑදිය හැකි කාලය පාසල් මට්ටමේ සිටයි. විශේෂයෙන් පාසල් මට්ටමේ එය පහසු නැහැ.අපිත් එහෙමයි Read More

නැවතත් රට ලොක්ඩවුන් කරයි ද?

රට නොවසා, කොරෝනාවෛරසය පැතිරීමට ඉඩ නොදී කටයුතු කිරීම සඳහා ජනතාව පුරුදු විය යුතු බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. වසර ගණනක් රට වසා තබා සිදු වූ හානිය අතිමහත් ය. රට වසා තබන විට ආසාදිතයින් සංඛ්‍යාව පහළ යන බව ත් රට විවෘත කළ පසු එම සංඛ්‍යාව යළි ඉහළ යන බවත් Read More

2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ගැන දැනුම්දීමක්

2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය සඳහා වන ක්ෂේත්‍ර ගණන්ගැනීමේ කාලසීමාව තුළ ග්‍රාම නිලධාරී ස්ථානමාරුවීම් සහ ග්‍රාම නිලධාරී කාර්යාල දින සීමාකිරීමට තීරණය කර තිබේ. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත අදාළ උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ. 2022 වසරේ ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ලබන පෙබරවාරි මස පළමුවනදා සිට ජුනි Read More

මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක්

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් හමු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. චන්දිම ජීවන්දර මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කර ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකය විසින් නිකුත් කරන Read More

කථානායකට කොවිඩ්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. නව පාර්ලිමේන්තු සභාවාරය විවෘත කළ දිනයේ සිට මේ දක්වා පාර්ලිමේන්තු නියෝජිතයින් 12 දෙනෙකු කොවිඩ් ආසාදනයට ලක්ව තිබේ.

ලංවිම සභාපති ඉල්ලා අස්වේ

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයේ කටයුතු කරන එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. විදුලි බල මණ්ඩල සභාපති වරයා දැනුම් දෙන්නේ පෙබරවාරි මස පළවන දා සිට තමන් මෙම තනතුරෙන් ඉවත් වන බවයි.

අද(26) බලාගාරවල තෙල් අවසන් වෙයි

විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් හා දැවි තෙල් තොග ඇත්තේ අද දිනයට පමණක් යයි ලංකා විදුලි බල මණ්ඩලය කියා සිටී. කැලණිතිස්ස බලාගාරයට ලබාදුන් ඩීසල් අද අවසන් වන බව මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා පැවසීය. සපුගස්කන්ද හා කොළඹ වරායේ පාවෙන බලාගාරයට දැවි තෙල් ඇත්තේ අද දිනය සදහා පමණක් යයිද ඔහු පැවසීය.

t

o

p