ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් හමු වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
චන්දිම ජීවන්දර මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කර ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුවේ අසාත්මිකතා ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකය විසින් නිකුත් කරන ලද නවතම SARS-CoV-2 ප්‍රභේද වාර්තාවට අනුව, පරික්ෂා කළ සාම්පල 88කින් 82නෙකුම ඔමික්‍රෝන් ආසාදිතයින් ලෙසට හදුනාගෙන තිබේ.