නුවරඑළිය සිතා එළිය සීතා දේවී කෝවිල ප්රතිසංස්කරණයෙන් පසු යළි විවෘත කිරිමේ උත්සවයට සහභාගී වීම සදහා ඉන්දීය ආධ්‍යාත්මික නායක ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවි ශංකර්තුමා දිවයිනට පැමිණියේය.
අද පස්වරු දෙකයි හතලිහට පමණ ශ්‍රී ශංකර්තුමා ඇතුළු එකසිය පනස් හතර දෙනෙකුගෙන් යුත් මෙම පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලින් දිවයිනට ළගා විය.
නැගෙනහිර පළාත් ආන්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුලු කිහිප දෙනෙකු මෙම පිරිස පිළිගැනීම සදහා ගුවන්තොටුපොලට පැමිණ සිටියහ.