පාසල් කාලයේ සිට ම ක්‍රීඩකයන්ගේ විනය හදන්න අවශ්‍යයි

January 31, 2022

පාසල් පද්ධතියේ සිට ම ක්‍රීඩකයන්ගේ විනය හදන්න අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“ක්‍රීඩකයාගේ විනය ගැන කතාකරන විට එය ක්‍රීඩා කරන අවස්ථාවේදී, පුහුණුවීම් කරන අවස්ථාවේදි සහ ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළත් ඒ කැපකිරිම, විනය කියන කාරණය අපි ආරක්ෂා කරගත යුතුයි. එය සෑදිය හැකි කාලය පාසල් මට්ටමේ සිටයි.

විශේෂයෙන් පාසල් මට්ටමේ එය පහසු නැහැ.අපිත් එහෙමයි ඒ කාලේ. නමුත් ඒ කාලේ විනය හැදුණොත් ක්‍රීඩකායගේ අනාගතය ඉබේටම ගොඩනැඟෙනවා.

ජාතික සංචිතවලට පැමිණි පසු ක්‍රීඩකයන්ගේ විනය සෑදීම එතරම් පහසු වෙන්නෙ නැහැ.“ යනුවෙන් ද අමාත්‍යවරයා සදහන් කළේය.

t

o

p