රූ රැජිනක් සිය දිවි නසාගනියි

January 31, 2022

අමෙරිකානු රූ රැජිනක් මෑන්හැටන් හි නිවාස සංකීර්ණයක ඉහළ තට්ටුවකින් පහළට පැන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වනවා.

30 හැවිරිදි චෙස්ලී ක්‍රිස්ට් එම නිවාස සංකීරණයේ 9 වැනි මහලේ ජීවත් වී තිබුණා.

ඇයගේ සිරුර උදෑසන 7ට පමණ නිවාස සංකීරණය අසල පිහිටි මං තීරුවක තිබියදී හමුවී ඇති අතර ඊට පෙර ඇය එම ගොඩනැගිල්ලේ 29වැනි තට්ටුවේ සිටින අයුරු සමහරු දැක තිබෙනවා.

“අද දින ඔබට සාමය සහ නිදහස ගෙනෙනු ඇත,” යනුවෙන් ඇය විසින් සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි සඳහන් කර ඇත්තේ මියයෑමට සුළු මොහොතකට පෙරදීයි.

t

o

p