Lanka News Page

ඔපෙක් අරමුදලෙන් ඩොලර් මිලියන 100ක් ශ්‍රී ලංකාවට

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලේ (OPEC Fund for International Development) ආසියා පැසිෆික් කලාපීය කළමනාකරු යූසෆ් අල්-මුලහ්ම් මහතා අතර අද (09) මුදල් අමාත්‍යාංශයේ දී පැවැතිණි. අදාළ වැඩසටහන දැනට ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික ආධාර යටතේ සිදු කෙරෙන Read More

තේ අපනයනයෙන් මෙම වසරේ දී ඩොලර් බිලියන 1.5ක ආදායම් ඉළක්කයක්

මෙරට තේ අපනයනයෙන් මෙම වර්ෂයේ දී ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සඳහන් කරයි. පසුගිය වසර දෙක තුළ දී ද ඇමරිකන් ඩොලර් බිලියන 1 සිට 1.2 දක්වා වූ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමට මෙරට තේ කර්මාන්තයට හැකි වී තිබේ. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කදිරවේලු ෂන්මුගම් කුගතාසන් දිවුරුම් දෙයි

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කදිරවේලු ෂන්මුගම් කුගතාසන් මීට නොබෝ වේලාවකට පෙර දිවුරුම් දෙනලදි. ඒ, පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීයි. දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්පන්දන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා ෂන්මුගම් කුගතාසන් එලෙස දිවුරුම් දී තිබේ.

මෙගාවොට් 484ක ධාරිතාවකින් යුත් සුළං බලාගාරය ඉතා තීරණාත්මක ව්‍යාපෘතියක්

ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා දිගින් දිගටම පවතින වාතාවරණයක් තුළ අදානි සමාගම විසින් මෙරටට හඳුන්වා දීමට යෝජිත මෙගාවොට් 484ක ධාරිතාවකින් යුත් සුළං බලාගාරය ඉතා තීරණාත්මක ව්‍යාපෘතියක් වනු ඇති අතර එය මෙගාවොට් 50ක ධාරිතාවකින් යුතු මන්නාරම් සුළං බලාගාර ව්‍යාපෘතිය සමඟ සැසඳීමේදී එහි පරිමාණය, ආයෝජනය හා ආර්ථික බලපෑම අතින් අතිශය තීරණාත්මක වෙනස්කම් සහිත ව්‍යාපෘතියක් ලෙසද Read More

GOLDLEAF වර්ගයේ දුම්වැටි ජාවාරමේ යෙදුනු පුද්ගලයකු අත්අඩංගුව

තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් GOLDLEAF වර්ගයේ දුම්වැටි ජාවාරමේ යෙදුනු පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත. විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මොණරාගල කලාපය භාර කලාප අණදෙන Read More

ජෝන් සීනා සමුගැනීම නිවේදනය කරයි

ජනප්‍රිය හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකු වන ජෝන් සීනා WWE රෙස්ලින් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරනලදි. වර්ල්ඩ් රෙස්ලින් එන්ටර්ටේට්මන් ආයතනයේ පැවැති මනී ඉන් ද බෑන්ක් තරඟයට සහභාගී වීමෙන් අනතුරුව ඔහු මේ බව පවසා සිටියි. ඒ, අනුව ලබන වසරේ පැවැත්වෙන රෙස්ල්මේනියා තරඟවලියේ දී තම අවසන් රෙස්ලින් තරඟයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔහු එහිදී ප්‍රකාශ කරයි. 2001 Read More

රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් අවශ්‍යයි

රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එසේ නියාමනයක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි එම සංගමය අනතුරු අඟවයි. මෙම හේතුව මත ඉදිරියේදී මරණ වාර්තා වීමේ හැකියාවක් ද පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම ජුලි 12 වනදා සිට

අපොස උසස් පෙළ සහ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් වෙනුවෙන් ජනාධිපති අරමුදලින් පිරිනැමෙන ශිෂ්‍යත්ව ප්‍රදානය ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර තිබේ. ජුලි 12 වනදා සිට දිස්ත්‍රික් මට්ටමින් එය ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ, අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, සියලු කලාප අධ්‍යාපන කාර්යාල Read More

පවතින වැසි තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් Read More

ආර්. සම්බන්ධන් මහතා සහ මා සෑමවිටම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් පෙනී සිටියා – ජනපති

අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතා ද්‍රවිඩ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නායකයෙක් බවත්, සම්බන්ධන් මහතා සහ තමා නිරතුරුවම නොබෙදුනු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැප වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ආර්. සම්බන්ධන් මහතා සමඟ එකඟත්වයෙන් යුතුව ඉදිරියට ගෙන ආ එම සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට සියලුදෙනා එක්විය යුතු බව Read More

t

o

p