ජෝන් සීනා සමුගැනීම නිවේදනය කරයි

July 8, 2024

ජනප්‍රිය හොලිවුඩ් නළුවකු මෙන්ම රෙස්ලින් ක්‍රීඩකයකු වන ජෝන් සීනා WWE රෙස්ලින් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරනලදි.

වර්ල්ඩ් රෙස්ලින් එන්ටර්ටේට්මන් ආයතනයේ පැවැති මනී ඉන් ද බෑන්ක් තරඟයට සහභාගී වීමෙන් අනතුරුව ඔහු මේ බව පවසා සිටියි. ඒ, අනුව ලබන වසරේ පැවැත්වෙන රෙස්ල්මේනියා තරඟවලියේ දී තම අවසන් රෙස්ලින් තරඟයට මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔහු එහිදී ප්‍රකාශ කරයි.

2001 වසරේ දී ඔහු එවක WWF ලෙස හැඳින් වූ රෙස්ලින් පිටියට සම්බන්ධ වූ අතර, මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන ජෝන් සීනා තම වෘත්තීය ජීවිතය තුළ වාර්තාගත ලෝක ශූරතා 16ක් ජයග්‍රහණය කර තිබේ.

t

o

p