GOLDLEAF වර්ගයේ දුම්වැටි ජාවාරමේ යෙදුනු පුද්ගලයකු අත්අඩංගුව

July 8, 2024

තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුත් GOLDLEAF වර්ගයේ දුම්වැටි ජාවාරමේ යෙදුනු පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය පස්සර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මොණරාගල කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී ගුණසිරි මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී රණසූරිය මහතාගේ මගපෙන්වීමෙන් පස්සර කඳවුරේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.ජී.ඒ. නිශාන්ත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.06.05 වන දින බදුල්ල පොලිස් වසමේ විහාරමහාදේවි පාසල අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද රජයේ සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය කර නොමැති GOLDLEAF වර්ගයේ දුම්වැටි ජාවාරමේ යෙදුනු සිටි බදුල්ල, බදුලුපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක පුද්ගලයකු රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනාකමක් ඇති දුම්වැටි 2,000 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩි දුර විමර්ශන කටයුතු සදහා බදුල්ල පොලිස්ථානය වෙත භාර දෙන ලදි.

t

o

p