මෙගාවොට් 484ක ධාරිතාවකින් යුත් සුළං බලාගාරය ඉතා තීරණාත්මක ව්‍යාපෘතියක්

July 9, 2024

ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා දිගින් දිගටම පවතින වාතාවරණයක් තුළ අදානි සමාගම විසින් මෙරටට හඳුන්වා දීමට යෝජිත මෙගාවොට් 484ක ධාරිතාවකින් යුත් සුළං බලාගාරය ඉතා තීරණාත්මක ව්‍යාපෘතියක් වනු ඇති අතර එය මෙගාවොට් 50ක ධාරිතාවකින් යුතු මන්නාරම් සුළං බලාගාර ව්‍යාපෘතිය සමඟ සැසඳීමේදී එහි පරිමාණය, ආයෝජනය හා ආර්ථික බලපෑම අතින් අතිශය තීරණාත්මක වෙනස්කම් සහිත ව්‍යාපෘතියක් ලෙසද පෙන්වා දිය හැකි බව ඉංජිනේරු ජෙරල්ඩ් එල්. සමරනායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තීරණාත්මක මොහොතක සිටින අවස්ථාවක Adani Power Ltd සහ Adani a Energy Solutions Ltd කළමනාකාර අධ්‍යක්ෂ අනිල් සර්ධනා විසින් අදානි සමූහයෙන් වසර 20ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ස්ථාවර ගාස්තුවක් ප්‍රකාශ කර ඇත. මෙය උපරිම විනිවිදභාවයෙන් යුතු තීරණයක් වන අතර බොහෝ විට උච්චාවචනය වන වෙළඳපොළක් තුළ අදානි සමූහය විසින් මෙලෙස ස්ථාවර මිල ගණන් පවත්වා ගැනීම ඔවුන්ගේ සුවිශේෂීභාවය පෙන්නුම් කරන මනා නිදසුනක්ද වන බව ඉංජිනේරු ජෙරල්ඩ් එල්. සමරනායක මහතා කියා සිටී.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඉංජිනේරු ජෙරල්ඩ් එල්. සමරනායක මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියි.

මෙගා වොට් 50ක ධාරිතාවකින් යුතු මන්නාරම් සුළං බලාගාර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම දේශීය ආයෝජන මත සිදු කෙරෙන අතර අදානි සමාගමේ සුලං බලාගාර ව්‍යාපෘතිය 100%ක් ඍජු විදේශ ආයෝජන (FDI) මත සිදු කෙරෙන්නකි. මෙම සුවිශාල විදේශ ප්‍රාග්ධන සම්පත මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම දේශීය මූල්‍ය සම්පත් මත ඇති පීඩනය ලිහිල් කිරීමට ඉවහල් වනු ඇති අතර මෙමඟින් ශ්‍රී ලංකාවේ ස්ථාවරභාවය හා ආයෝජන සඳහා ඇති හැකියාවද පෙන්නුම් කරනු ඇත.

මෙම ව්‍යාපෘති ඉදිකිරීම සඳහා ගත වන කාල සීමාවන් අනුවද ඒවායේ වෙනස්කම් තවදුරටත් ඉස්මතු කරයි. මෙගාවොට් 100ක සියඹලාණ්ඩුව සූර්ය බලාගාරයට සමානව මෙගාවොට් 50ක මන්නාරම සුලං බලශක්ති ව්‍යාපෘතිය මාස 21කින් නිම කිරීමට සැලසුම් කර ඇති අතර, මෙගාවොට් 484ව්‍යාපෘතිය අදානි සමාගම විසින් මාස හයකින් නිම කිරීමට සැලසුම් කර ඇත. මෙම වේගවත් ක්‍රියාවලිය නිසා බලශක්ති නිෂ්පාදනය වේගවත් වනවා පමණක් නොව අන්තර්කාලීන බලශක්ති පිරිවැය මෙන්ම පොසිල ඉන්ධන මත යැපීමද අවම කිරීමට හේතුවක් වනු ඇත.

බලශක්ති නිෂ්පාදනය අතින්ද මෙම ව්‍යාපෘති අතර ඇත්තේ කැපී පෙනෙන වෙනසකි. මන්නාරම් සුලං බලශක්ති ව්‍යාපෘතිය මඟින් වාර්ෂිකව ඒකක බිලියන 0.175ක් නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර එය මෙගාවොට් 50ක ධාරිතාවක් සඳහා 40%ක උපයෝගිතා අනුපාතයක් සනිටුහන් කරයි. අදානි සමාගමේ ව්‍යාපෘතිය හරහා වසරකට ඒකක බිලියන 1.69ක සුවිසල් නිපැයුමක් අපේක්ෂා කරන අතර එය මන්නාරම ව්‍යාපෘතියේ මෙන් දස ගුණයකට ආසන්න අගයකි. මෙම අති විශාල වෙනස අදානි සමාගමේ ආයෝජනයේ කාර්යක්ෂමතාව සහ දැවැන්ත බව මැනවින් ඉස්මතු කරයි.

මෙම ව්‍යාපෘතිවල මූල්‍යමය කරුණු අතින්ද තීරණාත්මක වෙනස්කම් දැකිය හැකිය. මන්නාරම සුලං බලශක්ති ව්‍යාපෘතියෙන් විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව වැය වන මුදල ඩොලර් මිලියන 8ක් (ඒකකයක් සඳහා ඩොලර් 0.0488ක් බැගින් ඒකක බිලියන 0.175ක්) ඇස්තමේන්තු කර ඇත. යම් හෙයකින්, අදානි ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවී ඩීසල් හරහා බලශක්ති ඉල්ලුම සපුරාලන්නේ නම්, ඒ සඳහා වන පිරිවැය වාර්ෂිකව ඩොලර් මිලියන 524ක් දක්වා ඉහළ යනු ඇත (ඒකකයකට ඩොලර් 0.31 බැගින් ඒකක බිලියන 1.69). මෙය ඩොලර් මිලියන 516ක අතිරේක වාර්ෂික වියදමක් වනු ඇති අතර එය වසර 20ක් පුරා ඩොලර් බිලියන 10ක අතිවිශාල මුදලකි. 2021 වසරේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය නිසා ඩොලර් මිලියන 11කට වඩා වැඩි පාඩුවක් සිදු වූ අතර අදානි සමාගම විසින් යෝජිත මෙගාවොට් 500 ව්‍යාපෘතිය ඇණහිටීම නිසා ඩොලර් බිලියන 10ක අලාභයක්ද දැරීමට සිදු විය. අදානි ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකොට දිගින් දිගටම බලශක්ති නිෂ්පාදනය සඳහා ඩීසල් යොදා ගැනීම 900%ක පාඩුවක් සිදුවිය හැකි දැවැන්ත මූල්‍ය ව්‍යසනයකටද අතවැනීමකි.

පැහැදිලි ආර්ථික වාසි පෙනෙන්නට තිබියදීත්, අදානි සමාගමේ ව්‍යාපෘතිය පමණක් ඉලක්ක කරමින් සැලසුම් සහගත ලෙස අභියෝග එල්ල කෙරෙන බව පැහැදිලිය. දැනට ක්‍රියාත්මක වන තම්බපවනි ව්‍යාපෘතිය පිළිබඳව පරිසරවේදීන්ගේ විරෝධතාවක් එල්ලවූ බවක් දක්නට නැත. එමෙන්ම මන්නාරම ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට යෝජිත නව මෙගාවොට් 50 ව්‍යාපෘතියටත් පරිසරවේදීන්ගේ විරෝධතා, අදානි ව්‍යාපෘතියට එල්ලවූ සේ ඉදිරිපත් වෙයිද? එමෙන්ම එම ව්‍යාපෘතිවලට අදානි සමාගමේ ව්‍යාපෘතියට එරෙහිව දක්වන සටන් පාඨ දක්නට නැත. මන්නාරම ප්‍රදේශය පාරිසරික සංවේදීතාවයෙන් යුතු කලාපයක් බව විරෝධතාකරුවන් පැවසුවද ව්‍යාපෘතියේ ශක්‍යතාව තීරණය කෙරෙන්නේ පාරිසරික බලපෑම් ඇගයීමේ (EIA) ක්‍රියාවලියට අනුකූලවයි. පරිසරවේදීන්ගේ විරෝධය හේතුවෙන් විශාල ආයෝජන ව්‍යාපෘතිවල සිදුවන ප්‍රමාදය රටේ බලශක්ති අර්බුදය සහ මූල්‍ය අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතුවක් වනු ඇත.

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ෆයිසාල් සාලිහ් මෑතකදී සඳහන් කළේ, හරිත බැඳුම්කර සහ නිල් බැඳුම්කර වැනි තිරසර බැඳුම්කර මෙන්ම අනෙකුත් තිරසර ණය යෝජනා ක්‍රම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමේ උග්‍ර අභියෝගයකට ශ්‍රී ලංකාව මුහුණදී සිටින බවයි. මෙම ක්‍රමවේද ගෝලීය වෙළඳපොළ තුළ ස්ථාවර ආදායම් සම්බන්ධයෙන් වැදගත් කොටසක් බවට මේ වන විට පත්වෙමින් තිබේ.

මෙගාවොට් 50 මන්නාරම් සුළං ව්‍යාපෘතිය සහ අදානි සමාගමේ මෙගාවොට් 484 යෝජනාව සංසන්දනය කරන විට ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් සිදු කිරීමට දෙවැන්න සතු හැකියාව පැහැදිලිව කැපී පෙනෙයි. ස්ථාවර තීරුබදු, සැලකිය යුතු ඍජු විදේශ ආයෝජන, වේගවත් ඉදිකිරීම් කාලසීමාව සහ සැලකිය යුතු ඉහළ බලශක්ති නිෂ්පාදනයක් සහිත, අදානි සමාගමේ ව්‍යාපෘතිය ජාතියේ බලශක්ති අවශ්‍යතා තිරසරව සහ ආර්ථික වශයෙන් ඉහළ නැංවීමට ඉතා ප්‍රබල අවස්ථාවක් ලබා දෙයි. ශ්‍රී ලංකාව ගෙවමින් සිටින මෙම අස්ථාවර සහ ප්‍රතිව්‍යුහගත කාලපරිච්ඡේදය තුළ දේශීය සංවර්ධකයින් එයට විරුද්ධ වීමට වඩා අදානි සමාගමේ ආයෝජනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වඩා ඥානවන්ත වනු ඇත. එවැනි සහයෝගීතාවයක් සඳහා මෑත කාලීනව දිය හැකි හොඳම නිදසුනක් වන්නේ බටහිර බහාලුම් පර්යන්තය සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමඟ ඇති කරගත් හවුල්කාරිත්වයයි.

t

o

p