රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් අවශ්‍යයි

July 8, 2024

රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එසේ නියාමනයක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේදී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවයි එම සංගමය අනතුරු අඟවයි.

මෙම හේතුව මත ඉදිරියේදී මරණ වාර්තා වීමේ හැකියාවක් ද පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.

t

o

p