තේ අපනයනයෙන් මෙම වසරේ දී ඩොලර් බිලියන 1.5ක ආදායම් ඉළක්කයක්

July 9, 2024

මෙරට තේ අපනයනයෙන් මෙම වර්ෂයේ දී ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක ආදායමක් උපයා ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

පසුගිය වසර දෙක තුළ දී ද ඇමරිකන් ඩොලර් බිලියන 1 සිට 1.2 දක්වා වූ විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමට මෙරට තේ කර්මාන්තයට හැකි වී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා තළවකැලේ ශාන්ත කුම්බ්ස් තේ කර්මාන්ත ශාලාව හා ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනයේ ප්‍රගතිය සම්බන්ධව සමාලෝචන රැස්වීමක් පවත්වනලදි.

2021 රසායනික පොහොර තහනම මෙරට තේ වගාවට ද බලපෑම් එල්ල කර තිබු අතර මේ නිසා 2022, 2023 වර්ෂවල දී තේ වගාව සඳහා පොහොර යෙදීම අඩු වී තිබේ.

මේ නිසා තේ වගාවේ අස්වැන්නේ ද යම් අඩුවීමක් සිදු විය.

නමුත් මෙම වර්ෂයේ සිට රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් තේ සඳහා පොහොර සහන මිලකට ලබා දීමට කටයුතු කරනු ලැබුවා.

වෙළෙඳපළේ රුපියල් 14,000ක් පමණ වන තේ පොහොර වර්ග තුනක් කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 5500 සිට රුපියල් 7500 දක්වා මිලකට ලබා දීමට පියවර ගෙනඇත.

මෙම සහනාධාරය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් මිලියන 1200ක මුදලක් වෙන් කර ඇත.

t

o

p