Lanka News Page

ජනපති රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනපතිවරණයට

සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන ඇප මුදල් තැන්පත් කළේය.ජනාධිපතිවරණය සඳහා පළමු ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා මහතා ඇතුළු නීතීඥ පිරිසක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කෙරේ

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා ලෙස නියම කරමින් ජාතික මැතිවරණ කොමිසමෙන් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව නාමයෝජනා භාරගැනීම අගෝස්තු 15 වැනිදා ය.

බුදු දහම විකෘති කරන මධ්‍යස්ථාන 12ක් ක්‍රියාත්මකයි

බුදු දහම මෙන්ම මෙරට ඉතිහාසය විකෘති කරන මධ්‍යස්ථාන 12ක් මේ වන විට මෙරට තුළ ක්‍රියාත්මක බව ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේදී සාකච්ඡා විය. එසේම ධර්ම විකෘතිය සිදු කරන පුද්ගලයන් 85 ක් මේ වන විට හදුනාගෙන ඇති බවද මෙහිදී හෙළි විය. ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය Read More

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය සීමා කරයි

කබුළුමුල්ල රජමහා පත්තිණි දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය දැනුම්දෙයි. එම පෙරහැර හෙට (26) රාත්‍රී 8 සිට වීථී සංචාරය කිරීමට නියමිතව ඇත. වැඩි විස්තර පහතින්,

මීළග පොලිස්පති ධුරයට නම් 03ක්

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින නිලධාරීන් තිදෙනකුගෙන් එක් අයකු පත් කිරීමට නියමිතයි. ඒ, අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, ප්‍රියන්ත වීරසූරිය සහ සංජීව ධර්මරත්න යන නිලධාරීන් තිදෙනාගෙන් එක් නිලධාරියකු වැඩ බැලීම සඳහා පොලිස්පති ධුරයට පත් කිරීමට නියමිත Read More

ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම ඔලිම්පික් තරගාවලිය සදහා ප්‍රංශයට

ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම 33 වැනි ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සදහා ඊයේ (24 ) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ . ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් තරුෂි කරුණාරත්න , දිල්හානි ලේකම්ගේ සහ අරුණ දර්ශන ප්‍රංශය වෙත පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. මේ වනවිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලිය සදහා Read More

රාජ්‍ය සේවකයින්ට විශේෂ නිවාඩුවක්

පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ. කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩුව ලබා දීමට නියමිතය. එම දිස්ත්‍රික්කවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් Read More

අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය සවිබල ගන්වයි

අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ නිරතවන කාන්තාවන් හා තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය මෙරට කලක් Read More

සිංහල සිනමාවට “Film Sri Lanka” නමින් ආයතනයක්

චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් උදහස් සැලකිල්ලට ගනිමින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවට අන්තර් ජාතික මට්ටමට සිංහල සිනමාව ඔසවා තැබීමටත් අවශ්‍ය මගපෙන්වීම් සිදුකිරීමට සහ එම කර්මාන්තය නියාමනයට “Film Sri Lanka” නමින් ආයතනයක් පිහිටුවීමට පනතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. යෝජිත ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව Read More

පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ගිහි පැවදි සිසුන් වෙත ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රදානය අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක පිරිවෙන් හා සීල මාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හා සීල මාතාවන් මෙන්ම ගිහි සිසුන් සඳහා ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ ගිහි පැවිදි සිසුන් 3000කට ශිෂ්‍යත්ව ප්‍රදානය අද (24) පස්වරු 3.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි. මෙතෙක් මෙරට කිසිඳු Read More

t

o

p