අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය සවිබල ගන්වයි

July 24, 2024

අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ නිරතවන කාන්තාවන් හා තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

අත්යන්ත්‍ර පේෂ කර්මාන්තය මෙරට කලක් ඉතා විශාල වශයෙන් දියුණු වී තිබුණ බව සිහිපත් කළ කැබිනට් ප්‍රකාශකවරයා පසුව බලවේග පේෂ කර්මාන්තය සහ විවෘත වෙළඳපොළ ආර්ථික ප්‍රතිපත්තිය යටතේ ආනයනය කරන රෙදිපිළි හේතුවෙන් අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තය කඩාවැටුණු බවද පැවසුවේය.

ජාත්‍යන්තර වෙළඳපොළද ජයගත හැකි පේෂ කර්මාන්ත සංවර්ධනයක් කිරීම සඳහා හැකියාව පවතින බව කර්මාන්ත අමාත්‍යංශය හඳුනාගෙන ඇතැයිද, ඒ තුළින් විශේෂයෙන් ග්‍රාමීය කාන්තාවන්ට ජීවනෝපාය, රක්ෂා අවස්ථා, ආදායම් මාර්ග
ජනිත කිරීමට ඇති ඉඩකඩ සලකා බලා ඒ සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන අයවැයෙන් වෙන්කර ඇතැයිද පැවසුවේය.

එම ප්‍රතිපාදන යොදාගැනීම සඳහා එනම් අයවැය යෝජනාවට ඉදිරිපත් කර තිබූ මෙම යෝජනාවෙහි මූල්‍ය ප්‍රතිපාදන සඳහා අනුමැතිය මෙම කැබිනට් පත්‍රිකාවෙන් හිමිවූ බවද සඳහන් කළේය.

t

o

p