Lanka News Page

සමනල ගිර මත ඇති බුදු සිරි පා සටහනට එරෙහි දෙව්දතුන් ගේ පා සටහනක් උඩුව ගම්මානයේ!

තවත් සිරි පා සමයක් ඇරඹී ඇත. වත්මන් කොරෝනා වසංගතය හේතුවෙන් සිරි පාවන්දනා ගමන් සීමා කළ යුතු වුවද ශ්‍රී පාදය සම්බන්ධයෙන්පවතින ජනතා උනන්දුවේ අඩුවක් ඇතැයි නොසිතේ. බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩමකළ අවස්ථාවේ දී කලින් බුදු බණ අසා සෝවාන් ඵලයට පත්ව සිටි සමන්ත කූඨවාසී සුමන සමන් දෙවිඳුන් විසින් කරන ලද ඇරයුමක් පිළිගත් බුදුරජාණන්වහන්සේ තමන් වහන්සේගේ වම් ශ්‍රී පාද Read More

ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ අවසන් අවස්ථාවෙන් ප‍්‍රයෝජනය ගනිමු – පැෆරල්

2020 ඡන්දහිමි නාම ලේඛන ප‍්‍රතිශෝධනයට අදාලව සකස් කරන ලද ඡන්ද හිමි ලියාපදිංචි විස්තර කෙටුම්පත මැතිවරණ දෙපාර්තමේන්තුවේ (www.slelections.gov.lk) වෙබ් අඩවියට පිවිසීමෙන් දැන් ඔබට පරීක්ෂා කල හැකියැයි පැපරල් සංවිධානය නිවේදනය කරයි. එම නිවේදනයේ මෙසේද සදහන්වේ. එසේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබගේ නම ඇතුළත්වී නොමැති නම් හෝ අදාල නොවන වෙනත් කොටස් නමට ඇතුළත්වී ඇත්නම් තහවුරු කල හැකි ලේඛන වල Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයන් දෙදෙනෙක් රුපියල් කෝටියක මුදල් හා ස්වර්ණාභරණ සමග අල්ලයි

ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයෙකු රුපියල් එක් කෝටි විසි හය ලක්ෂ හතලිස් තුන්දහසක මුදලක් හා පවුම් 40 ක ස්වර්ණාභරණ සමග කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඊයේ (12) සවස අත් අඩංගුවට ගෙන ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත සැකකරුවන්ගේ නිවෙස් වෙත ගොස් පරික්ෂා කිරිමේදි එක් සැකකරුවෙකුගේ නිවසේ බෑගයක තිබි Read More

කොස්ගොඩ කැලෑවක තිබි හෙරොයින් කිලෝ 20 ක් සොයා ගනියි

කොස්ගොඩ ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සගවා තිබු හෙරොයින් කිලෝ 20 ක ප්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් ඊයේ (13) සවස සොයා ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇති අතර ජාවාරම්කරුවෙකු විසින් මෙම මත් ද්‍රව්‍ය තොගය මෙහි සගවන්නට ඇතැයි පොලිසිය සැක පහළකරයි. එම ජාවාරම්කරු පිළිබදව මේ වන විට පොලිසිය විශේෂ Read More

එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර, අකිලට උප නායක තනතුරක්

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ලෙස පුත්තලම දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඒකමතිකව අද (13) පත් කොට ඇත. ඊට අමතරව පක්ෂ උප නායක ලෙස හිටපු මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද, සභාපති ලෙස වජිර අබේවර්ධන මහතාද, භාණ්ඩාගාරික ලෙස එ.එස්.එම් මිස්බා මහතා ද පත් කොට ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ Read More

ඉන්දීය කොවිඩ් එන්නත ලංකාවට

ජනවාරි 26 වැනි දිනෙන් පසු ඕනෑම මොහොතක ඉන්දියාවේ නිෂ්පාදනය කරන ‘ඇස්කා සෙනිකා’ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට ලබාගත හැකි බව කොවිඩ් එන්නත් ගෙනඒම සඳහා පත් කළ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග පවසයි. මෙම එන්නත ඉන්දීය වැසියන්ට 16 වැනිදා සිට එන්නත් කිරීමට නියමිතය. ඉන්පසු ඉන්දීය ජනරජ දිනය යෙදී ඇති ජනවාරි 26 වැනිදා සිට වෙනත් රටවලට අපනයනය Read More

වතු කම්කරුවන්ගේ දහසේ වැටුපේ ප‍්‍රමාදය ගැන ආණ්ඩුව හේතු කියයි

වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික අවම වැටුපක් ලබාදීම සම්බන්ධයෙන් වතු සමාගම්, වෘත්තීය සමිති සහ කම්කරු අමාත්‍යාංශය සාකච්ඡා පවත්වමින් සිටින බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. රජය පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ට මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට රුපියල් දහසක දෛනික අවම වැටුපක් ලබාදීම මෙතෙක් ප‍්‍රමාදවීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී Read More

කලා වැව පිටාර ගලයි

හිරිපිටියාගම – ගල්නෑව මාර්ගය හඳුන්ගම ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. කලාඔය පිටාරගැලීම හේතුවෙන් එම මාර්ගය එලෙස ජලයෙන් යටවී ඇත. අනුරාධපුරය ප්‍රදේශයට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට කලා වැවේ ඇති වාන්දොරටු දෙකම අඩි 15 බැගින් විවෘත කර තිබේ. මේ වන විට කලා වැවෙන් පිටකකරන ජල පරිමාව තත්ත්පරයට ඝණ අඩි 7,400කි. එම ප්‍රදේශවලට Read More

නීති කඩා වැලි ඇද්ද දෙදෙනෙක් දැලේ

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය වැලි ජාවාරමක් වටලා ස්කැවේටර් යන්ත්‍ර දෙකක් හා සැකකරුවන් දෙදෙනකු සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් ඒ අවට විශාල පරිසර හානියක් සිදුකරමින් මෙම වැලි කැපීමේ ජාවාරම කරගෙන ගොස් තිබේ. වැටලීමේදී වැලි කැපීම සඳහා යොදාගෙන තිබු ස්කැවේටර් යන්ත්‍ර දෙකක් සහ වැටිය හන්දිය Read More

බස්නාහිර පළාතෙන් පිට වන ස්ථාන වල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ නැවතත්

පසුගිය දෙසැම්බර් 18 වන දින සිට ජනවාරි 05 වනදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11ක් ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ලදි . අද (13 ) සිට නැවතත් බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන ආශ්‍රිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය .

t

o

p