කලා වැව පිටාර ගලයි

January 13, 2021

හිරිපිටියාගම – ගල්නෑව මාර්ගය හඳුන්ගම ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

කලාඔය පිටාරගැලීම හේතුවෙන් එම මාර්ගය එලෙස ජලයෙන් යටවී ඇත.

අනුරාධපුරය ප්‍රදේශයට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට කලා වැවේ ඇති වාන්දොරටු දෙකම අඩි 15 බැගින් විවෘත කර තිබේ.

මේ වන විට කලා වැවෙන් පිටකකරන ජල පරිමාව තත්ත්පරයට ඝණ අඩි 7,400කි.

එම ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇද හැළෙමින් පවතින බව අප වාර්තාකරු පැවසීය. 

t

o

p